තෝරගත් පිරිසකට වාහන ආනයනය කිරිමට අවසර නොදෙන බවත් මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ආර්ථිකයට යම් කිසි දායකත්වයක් දැක්වීම සඳහා ආර්ථික ක්‍රියාවලියකට සහ වාණිජමය ක්‍රියාවලියකට යොමුවෙන අයට පමණක් මේ දක්වා වාහන ආයනයට අවසර දි ඇති බවද අමාත්‍යවරයා පැවැසිය.
මේ වන විට ආනයන සම්බන්ධයෙන් සිමාවක් පවති නම් එම සිමාව පවතින්නේ පුද්ගලිකව වාහන ආනයනය කරන අයට පමණක් බවත් එම සිමාවද ලබන වසර වන විට ලිහිල් වෙනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසිය.
එම සිමාව ලිහිල් වුවත් එය සිදුවෙන්නේද ක්‍රමානුකුලව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසිය.