පිළියන්දල පොලිස් වසමේ නවතා තිබූ වාහන වලින් බැටරි සොරාගත් පොලිස් සේවයෙන් ඉවත් වූ කොස්තාපල් රියදුරෙකු හොරයින් මත්කුඩු සමග පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු මිලිගෑම් 5120 ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු එලෙස සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ හයකට අධික වටිනා බැටරි 7 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකාර කොස්තාපල්වරයා පිළියන්දල නගරය අවට නවතා තිබූ ලොරි සහ කැබ් රථවල බැටරි හොර රහසේ ගලවා තීරෝද රථවලින් කොහුවලට රැගෙන ගොස් ඉතා අඩු මුදලට විකුණා හොරයින් මත් කුඩු පානය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු පෙබරවාරි මාසයේ සිට මේ දක්වා සොරකම් පහකට ආසන්න සංඛ්‍යාවක් දෙස සිදුකර තිබූ බව පොලිසිය කියයි.
වසර දහයක කාලයක් පොලිස් සේවයේ රියදුරෙකු ලෙස කටයුතු කර තිබූ සැකකරු 2018 වසරේදී පොලිස් සේවයෙන් ඉවත් වීමෙන් අනතුරුව මත්කුඩු පානයට ඇබ්බැහිව ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
සැකකරුගේ මග පෙන්වීම මත සොරාගෙන තිබූ බැට්රි පොලිසිය මගින් සොයාගෙන ඇත.
35 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට නියමිතය.