තරුණයන් පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කොල්ලුපිටිය ප්‍රදේශයේදී කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී කොස්තාපල් වරයෙකු විසින් මෝටර් රථයට ගංජා දමා තරුණයන් අත්අඩංගුවට ගැනීමට ගිය බව කියන කොල්ලුපිටිය පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.
ඒ පිළිබඳව විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ නියෝග පරිදි එම කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇත. මේ පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය විය.