අද දින උදෑසන 8ට අවසන් වූ පැය 24 ක කාලය තුළ වායු තත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. වැඩිම වායු දුෂණ වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එම වායු දූෂණ දර්ශකය 114 ක් ලෙස සටහන් වේ.
මෙම තත්වය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑමක් ඇති විය හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. රටේම වායු දූෂණය දර්ශකයේ 50 සීමාව ඉක්මවා තිබීම සංවේදී පුද්ගලයින්ට බලපෑමක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි බැවින් මේ පිළිබඳව ජනතාව අවධානය පසුවන්නැයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මීට අමතරව වායු දූෂණ දර්ශකය ගාල්ල කරාපිටියේ 90ක්ද පුත්තලම නගරයේ 88 ක්ද කුරුණෑගල සහ අනුරාධපුරය නගරවල 86 වශයෙන්ද සටහන් වේ.
කසුන් රණසිංහ