මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ රුපියල් මිලියන 39ක ව්‍යාපෘති අරමුදල් භාවිත කරමින් මිලදී ගෙන තිබූ ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ව්‍යාපෘතියේ කටයුතු සඳහා භාවිත නොකර ජලසම්පාදන අමාත්‍යාංශයේ ඇමති කාර්ය මණ්ඩලය සඳහා භාවිත කිරීමට ලබාදී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
ව්‍යාපෘති අරමුදල් භාවිත කරමින් ක්‍රීඩා උපයෝගිතා වාහනයක් ලෙස වර්ගීකරණය කරන ලද මෙකි සුඛෝපභෝගී ජිප් රථය 2019 වර්ෂයේ දි මිලදීගෙන තිබුණි. මෙම වාහනය ආනයනය කළ දිනයේ සිට ව්‍යාපෘතියේ කටයුතු සඳහා භාවිත කොට නොමැත. මුලදී රේඛීය අමාත්‍යාංශයේ ඇමති කාර්ය මණ්ඩලය සඳහා එය භාවිත කොට තිබේ.2023 වර්ෂයේ ජනවාරි මස සිට මෙකී ජීප්රථය වෙනත් අමාත්‍යාංශයකට රැගෙන ගොස් ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මේ පිළිබඳ අවස්ථා කිහිපයකදී විගණනය මගින් වාර්තා කළද කළමනාකාරිත්වය විසින් වාහනය ආපසු ලබාගැනීමට හෝ වාහනය අවභාවිතය වළක්වා ගැනීමට කටයුතුකර නොමැත.
ව්‍යාපෘතියේ වත්කම් අවභාවිතය වළක්වා ගැනීමටත් මෙකී වාහනය අවභාවිතවීම නිසා සිදුවූ සියලුම පාඩු වගකිවයුතු නිලධාරීන්ගෙන් අයකරගැනීමට කටයුතු කළ යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.ව්‍යාපෘතියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ව්‍යාපෘතිය විසින් SUV, WP CBG 7386 දරන රථය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත භාරදී ඇති බවය. පසුව අධ්යක්ෂ මණ්ඩල තීරණයකට අනුව මෙකී රථය අමාත්‍යාංශය වෙත පවරා ඇති බවය.
මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.