ව්‍යවස්ථාදායක සභාව අද(08දා) එහි සභාපති, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.
මෙම රැස්වීම පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවත්, එහිදී වැඩ බලව පොලිස්පතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.