අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථාදායක සභාව දුන් නිර්දේශය අභියෝගයට ලක් කරමින් නීතිඥවරයෙකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කල ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 20 මුදලක් රජයට සහ ව්‍යවස්ථාදායක සභාවට ගෙවීමට පෙත්සම්කාර නීතිඥවරයාට ඊයේ දොළහ නියෝග කළේය.
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තිදෙනාට රුපියල් ලක්ෂ පහ බැගින් ලක්ෂ 15ක මුදලක් නඩු ගාස්තු වශයෙන් ගෙවීමටද තවත් රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් රජයට ගෙවීමටද පෙත්සම්කාර නීතිඥවරයාට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, මහින්ද සමයවර්ධන සහ අ චල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කරනු ලැබුණි .
නීතිඥ සරිත් පතිරත්න මහතා විසින් ගොනුකොට තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගුත්තරකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර තිබිණි.