රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අතිරේක දීමනාවක් මේ වසරේ සිව්වන කාර්තුවේදී ලබාදීමට රජය සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු මෙම මුදල් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ ආර්ථිකයේ දියුණුවක් රජය අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය. විරෝධතා මධ්‍යයේ වුවද බදු ප්‍රතිපත්තිය එලෙසම පවතින බවත් කිසිදු වෙනසක් සිදු නොකරන බවත් සේමසිංහ මහතා පැවසීය.
“ජාමූඅ සමඟ එකඟ වී ඇති ප්‍රතිසංස්කරණ තිබෙනවා. අපට ඒවායින් ඔබ්බට වැඩ කරන්නේ නෑ. අපි ගිවිසුම් කඩ කළොත් ඒක අපේ ඊළඟ වාරිකවලට බලපානවා.”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ පළමු වාරිකය මේ මස අවසන් වන විට රජය අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
IMF පහසුකම ලැබීමත් සමඟම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් ආයතන වෙත ප්‍රවේශය ලබා දීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන හතක පමණ සම්පූර්ණ පැකේජයක් විවෘත වනු ඇතැයි ඔහු පැවසීය.
දැනටමත් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ යන ලකුණු පහළ වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.