සබරගමුව පළාතේ මේ වන විට ගුරු පුරප්පාඩු 4000 ක් පමණ තිබෙන බවත් මේ වසර අවසානයේ විශ්රාම යන පිරිසත් සමඟ 5000ක් පමණ ගුරු පුරප්පාඩු ඇතිවිමට ඉඩ ඇති බව සබරගමුව පළාත් සභාවේ ලේකම් මහින්ද එස් විජේසුරිය මහතා පැවසිය.
රත්නපුර දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටුව රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවනාගාරයේ දි එහි සභාපති පාර්ලි මේන්තු මන්ත්රි සාලිය අකිල එල්ලාවල මහතාගේ ප්රධානත්වයෙන් පැවති අවස්ථවේදි පළාත් සභාවේ ලේකම් මහින්ද එස් විජේසුරිය මහතා එසේ පැවසිය.
"ගුරුවරු අලුතින් බඳවා ගැනිම නතර කර ඇතිනිසා ගැටලු කාරි තත්වයක් ඇතිවි තිබෙනවා. කෙසේ වෙතත් පළාතේ නම සියයක් පමණ බඳවා ගන්න මේ වන විට විභාග පවත්වා අවසන් කරල තිබෙනවා මාසයක් ඇතුලත ඒ අයට පත්විමි ලබා දෙන්න කටයුතු කරනවා නමුත් ඒ ප්රමාණය මදියි ඇත්තටම දැනට 4000 ක් පමණ ගුරු පුරප්පාඩු තිබෙනවා.
මේ වසර අවසානයේ එය 5000 ක් පමණ වෙනවා මේ වසරේ විශ්රාම යන පිරිසත් සමඟ ඒ නිසා ජාතික මට්ටමේ තිරණයක් ගන්න වෙනවා මේ පුරප්පාඩු විසඳිමටඋපාධිධාරින් බඳවා ගන්න ගැසට් කරපු එකට නඩුවක් දාලා නිසා ඒ බඳවා ගැනිම් නතර වෙලා.
උපාධිධාරින් තුන් දහසක් පමණ සිටිනවා ගුරු සේවයට යන්න බලාගෙන නඩුවක් නිසා ඒ බඳවා ගැනිම් දැනට නතර වෙලා. පළතේම විදුහල්පතිවරු 740 ක පමණ පුරප්පාඩුවක් තිබෙනවා."
රත්නපුර අධිකරණ ඒ.ජි. වික්රමසිංහ