ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර ඇති අතර එය රේගු ඉතිහාසය තුළ එක් වසරක් තුළ ඉපයූ ඉහළම ආදායම වෙයි.
ඒ අනුව රුපියල් ට්‍රිලියන 1.515ක ආදායමක් පසුගිය වසරේ දී වාර්තා කර තිබේ. 2024 වසරේදී රජය විසින් ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 1.533කි. එම ආදායම් ඉලක්කය ආසන්නය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී තිබේ.
රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහළ යාම, බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ශම කිරීම මේ සඳහා බලපා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.