පාසල් පැවැත්වීමේ වාර සටහන සම්බන්ධයෙන් බලපැවත්වෙන අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයට අනුව සියලුම පාසල් එක් අධ්‍යයන වර්ෂයක් සඳහා දින 210 ක් පැවැත්විය යුතු බවට අවධාරණය කළත් ලබන 2025 වසරේදි පාසල් පැවැත්වීමට සිදුව ඇත්තේ දින 181 ක් පමණි.
ඒ අනුව එම වර්ෂයේදී රජයේ පාසල්,රජය අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන් සිසුන්ට අධ්‍යයන දින 29 ක් අහිමි වෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2025 පාසල් වාර සටහන සම්බන්ධයෙන් ඊයේ (22) නිකුත් කළ චක්‍රලේඛය අනුව වාර තුනක් යටතේ අදියර හයකින් යුත් 2025 පාසල් වර්ෂය ජනවාරි 27 දින ආරම්භවී දෙසැම්බර් 19 දිනෙන් අවසන්වීමට නියමිතය .
එම වර්ෂයේ රජයේ නිවාඩු දිනයන් හා 2025 පාසල් වර්ෂය ජනවාරි 27 ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස 210 ක් වූ පැවැත්වීමට නියමිත දින ගණනින් දින 181 ක් පමණක් පැවැත්වීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය එම චක්‍රලේඛයේ සඳහන් කරයි.
ජයරත්න ඉඳුරුවගේ