ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් සේවක අතිරික්තයක් පැවති අංශවල සේවකයින් සදහා 2023 වර්ෂයේදී අතිකාල දීමනා වශයෙන් දෙසීය අනූකෝටි හය ලක්ෂ හැත්තෑනව දහස් දෙසීය අසූ අටක මුදලක්( 2,920,679,288) ගෙවා ඇති බව ජාතික විගණන වාර්තාවක සදහන් වෙයි.
ර්ශ්රලංකා වරාය අධිකාරිය විසින් 2023 වර්සයේ දී අධිකාරියේ සේවකයන් සදහා ගෙවා ඇති සමස්ත අතිකාල දීමනාව රුපියල් හයසිය තිස්කෝටිඅනු නව ලක්ෂ හතලිස් හය දහස් හයසිය අසූ එකකි(6,319,946,681). වරාය අධීකාරියේ මෙහෙයුම් කටයුතු සදහා සෘජුව සම්බන්ධතාවයක් නොදක්වන අංශ 07 ක සේවකයින්1876 දෙනෙකුගේ අතිරික්තයක් පැවති බව ද විගණන වාර්තාවේ සදහන් වෙයි.
ශ්රී ලංකා වරාය අධිකාරියේ කොට්ඨාශ 35 මගින් ඉදිරිපත් කරනු ලැබූ කාර්ය මණ්ඩල තොරතුරු අනුව තනතුරු 187 කට අදාළව අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් 997 දෙනෙකු සේවයේ යොදවා තිබුණි.
එහෙත් අධිකාරියේ මෙහෙයුම් කටයුතු සදහා සෘජුවම සම්බන්ධතාවයක් දක්වන බහාලුම් මෙහෙයුම් අංශයේ සේවකයන් 160 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
වරාය අධිකාරියේ කළමණාකරණය විසින් කාර්ය මණ්ඩල ඵලදායිතා සේවයේ යොදවා අතිකාල වියදම් අඩු කර ගැනීමට කටයුතු කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත.
චන්දන සමරවික්රම