ඉදිරි පැය 24ක කාලය තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත් වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලත් මෙලෙස මිලිමීයර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන 21 වැනිදා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.