වයඹ පළාතෙහි මෙවර පැවැත්වෙන තුන්වැනි වාර විභාගයේ, 10 ශ්‍රේණියේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය දෝෂ රැසක් සහිතව දරුවන්ට ලබා දී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉංග්‍රීසි පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක තුන(3) යටතේ රූප සටහනක් නොදී රූපයට අනුව පිළිතුරු සපයන ලෙසත් දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වැරදි සහිතව පිළිතුරු ලබා දිය නොහැකි ලෙසත් තිබෙන බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.දෙවැනි ප්‍රශ්න පත්‍රයේ 11වැනි ප්‍රශ්නයට අනුව වචන නොදී හිස්තැන් පුරවන්නටත් 13 වැනි ප්රශ්නයේ ශබ්ද කෝෂ පිටුව බලා පිළිතුරු සපයන ලෙස උපදෙස් ලබා දී ඇතත් ශබ්ද කෝෂ පිටුවක් ලබාදී නොමැති බව සභාපතිවරයා කීය.
එමෙන්ම මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න රැසක් මීට වසර පහකට පෙර වාර විභාගයකට ලබා දුන් ප්‍රශ්න පත්‍රයක පිටපතක් බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.දෙවැනි ප්‍රශ්න පත්‍රයේ වැරදි ප්‍රශ්න තුනට වයඹ පළාත් විෂය අධ්යක්ෂවරයා උපදෙස් ලබා දී ඇත්තේ සෑම දරුවකුටම එම ප්‍රශ්න තුනට අදාළ ලකුණු විස්ස ලබා දෙන ලෙස බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.
මේ කාණ්ඩය (10ශ්‍රේණිය) යටතේ පමණක් ප්‍රශ්න පත්‍ර 47000 මුද්‍රණය කර ඇත්තේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් බව සඳහන් කරන ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 10කට අධික බවද කීය.
අධ්‍යාපනයෙහි මෙසේ වගකීම් විරහිතව සිදු කරන කටයුතු පිළිබඳව බලධාරීන් වහා අවධානය යොමු කළ යුතුව ඇතැයිද මෙමගින් දරුවන් නාස්තිකාර නිලධාරීන්ගේ ගොදුරක් නොකර ගත යුතුව ඇතැයිද තවදුරටත් ගුරු සංගමයේ සභාපතිවරයා කීවේය.
අනුරාධපුර විශේෂ බී.ජී.චතුරංග/කුලියාපිටිය – දිනේෂ් උපේන්ද්‍ර