ඇතිමලේ පොලිස් වසමේ හත්ආර ප්රදේශයේදී සහ ගෝනගංආර කුඹුක්කන්ඔය අසලදී ඉකුත් (06) සහ (07) දින වලදී වනඅලීන් පහරදීමෙන් ගොවීන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
ඇතිමලේ හත්ආර රක්ෂිතය හරහා තම හේනට තවත් අයෙකු සමඟ යමින් සිටි දොඹගහවෙල මහායාය පදිංචි වසන්ත සුමනසේකර (42) නැමති දෙදරු පියෙකු සහ ගෝනගංආර පොලිස් වසමට අයත් කුඹුක්කන්ඔය ඉවුරේ දියනා ගොඩටආ 61 හැවිරිදි ඔක්කම්පිටිය මිණිපුරගම පදිංචි තිදරු පියෙකු වන පී.එච්.කේ ගුණරත්න යන දෙදෙනා වනඅලින් විසින් පහරදීමෙන් මෙලෙස මියගොස් ඇත.
සිද්ධීන් පිළිබඳව ඇතිමලේ සහ ගෝනගංආර පොලිස් ස්ථාන පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණිලක