වතු කම්කරු වැටුප් වැඩි නොකරන සියලුම වතු රජයට පවරා ගැනීම සඳහා සිය සංගමයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා ඊයේ (28දා) පස්වරුවේදී පිටිගල පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
වතු කම්කරු වැටුප වතු හාම්පුතුන් වැඩි නොකරන්නේ නම් වතු කම්කරු දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට සූදානම් බවත්, එසේ වුවහොත් වතු හාම්පුතුන්ට වතු සමාගම් කරගෙන යාමට නොහැකිව රජයට භාරදීම හැර වෙනත් විකල්පයක් නැති බවත් ගාල්ලගේ මහතා මෙහිදී කීවේය.
වතු හාම්පුතුන් වතු කම්කරු වැටුප් වැඩි නොකරන්නේ නම් සිය සංගමය වතු රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙළට වක්‍රව නොව සෘජුවම සහයෝජය ලබාදෙන බවත් ඒ වෙනුවෙන් තමන්ද රජය සමග අත්වැල් බැඳ ගන්නා බවත් ගාල්ලගේ මහතා කීය.
වතු හාම්පුතුන් දන්නා හෝ නොදන්නා කාරණයක් වුවත්, මේ වනවිට වතු කර්මාන්තයෙන් වතු කම්කරුවන් ඉවත්වෙමින් පවතින බවත්, වතු කම්කරුවන්ට ගෙවන අඩු වැටුප නිසා ඔවුන් වැටුප් වැඩි වෙන රස්සාවලට යමින් පවතින බවත් ගාල්ලගේ මහතා කීවේය.
වතු වැටීමේ ප්‍රධානම හේතුව වතු හාම්පුතුන් වතු කම්කරුවා පාගාගෙන ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම බවත්, වතු කම්කරුවන්ට හොඳින් සලකා හොඳ වැටුපක් ලබා දේ නම් ඔවුන් දිරිමත්වී සිය ශ්‍රමය නිසියාකාරව ලබාදී වතු ටික ඒකාන්තයෙන්ම ගොඩදමන බවත් ගාල්ලගේ මහතා කීවේය.
වතු හාම්පුතුන් තමන්ට වැඩි කළ වැටුප ලබා නොදේ නම් ඔවුන් සමග දැවැන්ත අරගලයක් කරන බවත්, එහි අවසානය සිය වැටුප් අනිවාර්යෙන්ම වැඩි කිරීම බවත්, වතු හාම්පුතුන් තමන් ගැන නොබැලුව හොත් තමන්ගේ ඔවුන්ගෙන් වතු ටික රජයට පවරා ගැනීමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවත් ගාල්ලගේ මහතා කීය.
වතු රජයට පවරා ගැනීමට නොහැකි යැයි වතු හාම්පුතුන්ගේ සංගමය වහසි බස් දෙඩුවත් වතු රජයට පවරා ගැනීම හෝ වතු සම්පූර්ණයෙන්ම වසා දැමීමේ ප්‍රධානම යතුර වනුයේ වතු කම්කරුවා බවත්, අද දවසකට රු. 2000ට, 2500 ට වතු කම්කරුවාට රැකියාවක් සොයා ගැනීම අපහසු නොවන කාරණයක් බවත් කී ගාල්ලගේ මහතා වතු වැසී ගියහොත් වතු හාම්පුතුන්ට හා ඔවුනගේ චක්ගෝලයන්ට යනඑන මං නැති වන බවද කීවේය.