වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කළා යයි කියමින් කැසට් ගහන්න වගේ ගැසට් ගහලා හරි යන්නේ නැති බවත් වතු හාම්පුතුන් ජනපති වැඩි කළ වැටුප තමන්ට ලබා නොදෙන්නේ නම් ඊට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ වයාපාරවලට යන බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද(2)කුරුදුගහහැතැප්ම ඉගල්කන්ද වතු යායේ පැවති මාධය හමුවකදී කීවේය.
වතු කම්කරුවන් සම්බන්ධයෙන් එදා ඉදන්ම කළේ කැසට් ගහන්නාක් මෙන් ගැසට් ගහපු එකක් බවත් ඒත් ගැසට් ගහපු එකක්වත් මෙතෙක් කියාත්මක නොවුණු බවත් ගාල්ලගේ මහතා මෙහිදී කීවේය.
වතු කම්කරු වැටුප් වැඩි කිරීමට ගහපු ගැසට් එකත් මේ වගේ එකක් බවත් වතු හාම්පුතුන් මේ තමන්ට වැඩි කළ වැටුප් නොදෙන්න අර අදින බවත් සිය සංගමය ඊට එරෙහිව නැගී සිටින බවත් රුවන් මහතා කීවේය.
සිය කම්කරු වැටුප වැඩි නොකරන්නේ නම් එදා දිනක වැටුප රුපියල් 1000 කර ගන්න සටන් වැදුණාක් මෙන් මේ සදහාද දැවැන්ත සටනක් රට පුරා ගෙන යන බවත් රුවන් මහතා කීය.
වතු හාම්පුතුන් ජනපති වැඩි කළ වැටුප ලබා නොදීමට අධිකරණයට යන්නේ නම් අපිත් ඒ වෙනුවෙන් නීතිමය කියා මාර්ගවලට යන බවද රුවන් ගාල්ලගේ මහතා තවදුරටත් කීය.ඒ නිසා වතු කම්කරුවනුත් ජීවත්විය යුතුයි.ඔවුනටත් ජීවිතය ගැටගහගෙන යන්න හරිහමන් වැටුපක් දිය යුතුයි.( IJ)
එම්.සුසිල් පියන්ත