වතුකරයට වෙනම ගම් උදා සංකල්පයක් ආරම්භ කර වතු කම්කරුවන්ගේ නිවස ගැටළුවට විසදුම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ අද (08) දින දමිල ප්‍රගතිශිලි සන්ධානය විසින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබු ජන රැළිය අමතමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කර්මාන්ත ශාලා පිහිටුවිමට පියවර ගන්නා බවයි.
තවද වතුකරයේ දැනට පවතින ගුරු හිගයට විසදුම් ලබා දිමටත්, අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමට ඉහල දැමිමට පියවර ගන්නා බව පවසා සිටි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑලිය තැපැල් කාර්යාලය විකිණිමට අදහස් කරමින් සිටියද එය සිදු කිරිමට ජනාධිපතිවරණයෙන් පසු තමන් කිසිසෙත් ඉඩ ලබා නොදෙන බවයි.
මෙම රැළියට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායකවරුන් වන පා.ම පලනි දිගම්බරම්, පා.ම වි.රාධාක්‍රිෂ්ණන්, පා.ම එම්.උදයකුමාර් , කුරුණැගල දිස්ත්‍රික් පා.ම නලින් බණ්ඩාර, සුජිව සේරසිංහ මහතා ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.