වගාවට හානී කරන සතුන් පිළිබදව වගාව භූමිය තුලදී ගොවියා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද යන්න පිළිබදව චක්‍රලේකනයක් මගින් නිසියාකාරව කෘෂිකර්ම අමත්‍යවරයා ප්‍රකාශයක් සිදු කල යුතු බවත්, තම වගාවට හානි සිදු කලත් , එම සත්වයා මරා දමන්න තරම් ගොවියා දුර්වල හා පව්කාර තත්ත්වයට පත්ව නැති බව ගොවි නායකයින් පිරිසක් පැවසූහ.
ඔවුන් මේ බව පවසා සිටියේ පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුව තුල වගාවන්ට සතුන්ගෙන් සිදු වන හානි පිළිබඳව වගාවට පැමිණෙන සතුන්ට ගොවියන් විසින් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බවට කල ප්‍රකාශයත් සමගය,
ගොවි මහතුන් හරි හැටි නොදැනුවත් නිසා මේ වනවිට ගොවියන්ට ඒ පිළිබඳව නීතියක් ලෙස සකස් කොට පාර්ලිමේන්තුව තුල නොව පිටතට පැමිණ එය නිසියාකාරව චක්‍ර ලේඛනයක් මගින් ගොවි ජනතාව දැනුවත් කරන ලෙසට මහ කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානය හිටපු භාණ්ඩාගාරික,මහසෙන් ගොවි සංවිධානයේ සභාපති සමන් තුසිත මහතා පවසයි.
මහ කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හිටපු සභාපති රණමයුර ගොවි සංවිධානයේ සභාපති සුභසිංහ රත්නායක මහතා මෙසේ පැවසීය.
" කෘෂිකර්ම අමාත්‍යවරයා කල මෙම ප්‍රකාශය තුලින් වගාවට පැමිණෙන සතුන් මරා දැමීමට කටයුතු කරන ලෙස කියා සිටියා. නමුත් ගොවියන් විදියට බෞද්ධාගමට අනුව එම සතුන් ඝාතනය කිරීමට අපිට බැහැ. අපේ වගාව හානි කළත් එම සත්තු මරලා දාන්න තරම් ක්‍රියා දුර්වල නැහැ. අපි ඇමතිවරයාට කියා සිටින්නේ ඔත්තු මරන්න ගොවියන්ට පවරන්න එපා කියලයි.
ඒ වෙනුවට, කෘෂි හමුදාවක් , ගොවි හමුදාවක් නමින් ඒකකයක් ඇති කර ඔවුනට ගිනි අවි ලබා දී, ලැබෙන තොරතුරු අනුව වගාවට පැමිණෙන අලි ඇතුන්ට,රිලවුන්ට හා මොනරුන්ට, හා අනෙකුත් හානි කරන සතුන්ට වෙඩි තිබීමට කෘෂිකර්ම අමාත්‍යවරයාට එම ගොවි හමුදාවට අණ කල යුතුයි, එහෙම නැති වුනොත් මම ඇති කරන එළ ගවයා එහා වත්තේ කුඹුරට ගියොත් මනුස්සයාට පුළුවන් ඒකා මරාගෙන මස් කන්න.
එම නිසා මෙම ප්‍රකාශය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් හා, එය නීතිගත කර ගැසට් එකක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.