ජපානයේ හිරෝෂිමා ආයතනය මගින් ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව අනෙකුත් රටවල් පරදා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය පැවැත්වු කතාවට ලෝක සාම සම්මානය ( World Peaceful Award ) දිනා ගෙන 08/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
ඇය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි. මෙම සමුළුව ජපානයේ ටෝකියෝ නුවර ඉකුත් 08/20 දින පවත්වා තිබූ අතර එහිදී ඇය ලෝක සාම නියෝජිතවරියක ලෙස ද පත් කර තිබුණි.
ඇය 08/24 දින රාත්‍රී 11.35 ට හොංකොං සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය.
ඇය පිළිගැනීම සදහා ඇයගේ දෙමාපියන් , ඇයගේ පාසැලේ ගුරු භවතුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.