ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින - 2024 ( Queen of the World - 2024 ) තරගාවලිය සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා තුෂාරි ජයකොඩි මහත්මිය 04/19 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .
මෙම තරගාවලිය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එළඹෙන 04/21 දින සිට 04/25 දින දක්වා ලෝකයේ රටවල් 33 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය .
තුෂාරි ජයකොඩි මහත්මිය පසුගිය දා පැවති ශ්රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ වයස අවුරුදු 50 ට වැඩි කාණ්ඩයේ තරගයෙන් ජයග්රහණය හිමි කරගෙන මෙම තරගාවලියට ඉදිරිපත් වීම සදහා සුදුසුකම් ලැබුවාය .
තුෂාරි ජයකොඩි මහත්මිය මීගමුව ප්රදේශයේ පදිංචි තිදරු මවක වන අතර ඇය මැලේසියානු ගුවන් සේවයේ සේවිකාවක ලෙස සේවය කරමින් සිටින්නියකි .
ඇය මෙම තරගාවලියට සහභාගී වීම සදහා 04/19 දින පස්වරු 08.10 ට කටුනායක ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය .