2024 වසරේදී ශ්රී ලංකා ආර්ථිකය සියයට 1.7කින් වර්ධනය වෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකතනය කරයි. ලෝක බැංකුව වසරකට දෙවරක් සිදුකරන පුරෝකතන අනුව මෙසේ ශ්රි ලංකාවේ වර්ධනය පුරෝකතනය කර තිබේ.
ලෝක බැංකුව මීට පෙර 2024 දී ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 1 ක් පමණ වනු ඇතැයි පුරෝකතනය කර තිබුණි.
එසේම මෙම වසරේදී ශ්රි ලංකා ආර්ථිකය සියයට -3.8කින් සංකෝචනය වනු ඇතැයිද ලෝක බැංකුව ප්රකාශ කරයි. කෙසේ වෙතත් මීට පෙර ලෝක බැංකුව පුරෝකතනය කර තිබුණේ එය සියයට -4.2කින් සංකෝචනය වනු ඇතැයි පුරෝකතනය කර තිබුණි.
කෙසේ වෙතත් ශ්රී ලංකාවේ ආර්ථික අවිනිෂ්චිත තත්ත්වයෙන් වැසී පවතින බවත් ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගතකරණය, සිදුකරන ප්රතිසංස්කරණ මත ශ්රි ලංකාවේ වර්ධන පුරෝකතනය රැදී තිබෙන බවත් ලෝක බැංකුව පවසයි.