නව කොරෝනා වසංගතය වැළැක්වීමට, හඳුනා ගැනීමට සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සහ මහජන සෞඛ්‍ය සූදානම ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 128.6 ක් ශ්‍රී ලංකා COVID-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියට ලබාදීමට ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
නව පැකේජය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම ප්‍රයෝජනවත් වන අතර වෛරසය පැතිරීම නැවැත්වීමට හෝ මන්දගාමී කිරීමට, සිද්ධි සංඛ්‍යා අඩු කිරීමට සහ ප්‍රජාවන් තුළ පැතිරීම වැළැක්වීමට ප්‍රමුඛත්වය දෙනු ඇත.
මෙම සහයෝගය මගින් හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණයන් පරිමාණය කිරීම, රසායනාගාර හා රෝහල්වල ධාරිතාවය ශක්තිමත් කිරීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම, වෛද්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ අත් සේදීම, සනීපාරක්ෂාව සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සිදු කරනු ඇත.
“ලෝක බැංකුව ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරමින් COVID-19 පැතිරීම පාලනය කිරීමටත් අනාගතයේදී ඇති විය හැකි රෝග සඳහා රට සූදානම් කිරීමටත් කටයුතු කරයි.
සීග්‍රයෙන් වර්ධනය වන මෙම වසංගතය පාලනය කිරීමට සහ එහි ජනතාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දැනටමත් වැළැක්වීමේ පියවර ගෙන තිබේ. අපගේ සහයෝගය මෙම උත්සාහයන්ට අනුබල දෙන අතර අනාගත අවදානම් අවම කිරීමට උපකාරී වනු ඇත. ”යැයි ලෝක බැංකුව සඳහන් කරයි.
ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඩොලර් මිලියන 35 ක ණයක් සහ ලෝක බැංකුවේ සහන ණය කවුළුව වන ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (IDA) ඩොලර් මිලියන 93.6 ක ණයක් ශ්‍රී ලංකාවේ පැකේජයට අයත් වෙයි.
මෙම ව්‍යාපෘතිය හරහා, හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට සහ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය වැනි පවත්නා ආයතන ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය වඩා හොඳින් සන්නද්ධ වනු ඇතැයි ලෝක බැංකුව විශ්වාස කරයි.