ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණය වී ඇති බවත් 2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.4% ක් දක්වා ළඟා වනු ඇති බවත් ලෝක බැංකුව සඳහන් කරයි.
එම අගය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් විශේෂයෙන් කර්මාන්ත හා සංචාරක අංශයන් සිදුවූ වර්ධනය මේ සඳහා හේතුවක් වී ඇති බවද ලෝක බැංකුව පවසයි.
කෙසේ වෙතත් මෙම ධනාත්මක ඉදිරි දැක්ම තීරණාත්මක ව්‍යූහාත්මක සහ ප්රතිප්ති ප්‍රතිසංස්කරණ මත ගොඩ නැගී ඇති බවද ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
සාර්ව ආර්ථික ස්ථායීකරණය පවත්වා ගැනීම, සාර්ථක ණය ප්‍රතිව්‍යූහගත කිරීම, මධ්‍ය කාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම සහ දුප්පත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ මත ශ්‍රී ලංකාවේ ඉදිරිය රඳා පවතිනු ඇති බවද ලෝක බැංකුව පවසයි.