ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් සහ එහි තාප්පය පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාවත් සමග කඩා වැටී ඇත. ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි ඕලන්ද ජාතිකයන්ට සහාය දැක්වූ දේශීය පවුලක් ජීවත් වූ පැරණි නිවසක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
මුහුදු කොරල් භාවිතා කර බිත්ති බැඳ තිබූ මෙම ගොඩනැගිල්ල කාලයක සිට අබලන් වී ජරාජීර්ණ වී තිබුණ ද එය මේ වනවිට විදේශිකයෙකු සතුව පවතින අතර කිසිදු අලුත්වැඩියා කටයුත්තක් සිදුකර නැත. මෙම ගොඩනැගිල්ල සහ ඉඩම එම විදේශිකයා විසින් මීටර වසර 25කට පමණ පෙර මිල දී ගෙන තිබුණකි. ගාල්ල කොටුවේ විදේශිකයන් විසින් මිල දී ගෙන එලෙස අතහැර දැමූ පැරණි නිවාස සහ ඉඩම් කිහිපයක්ම පිහිටා තිබේ.
මේ සම්බන්දව අදහස් දක්වමින් පුරා විද්‍යා නිලධාරියෙකු පැවසුවේ වෙනත් රටවල පුරාවිද්‍යාත්මක උරුම ස්ථානවල පිහිටා ඇති පුද්ගලයන් සතු මෙවැනි ඓතිහාසික ගොඩනැගිලි සහ ඉඩම් රජයේ මගපෙන්වීම හා නිර්දේශය මත නඩත්තු කිරීම සිදුවන බවයි. නැතිනම් ඒ සඳහා බද්දක් අය කිරීම ද සිදුකරන බවද හෙතෙම පැවසීය.
නමුත් ශ්‍රී ලංකාවේ මෙවැනි උරුම ස්ථානවල ඉඩම් සහ ගොඩනැගිලි මිල දී ගන්නා පුද්ගලයන් ඒවායේ භූමි වටිනාකම කිහිප ගුණයකින් වැඩිවනතුරු කිසිම අලුත්වැඩියාවක් නොකර ගරා වැටෙන්නට ඉඩ හරින අතර පැරණි ඉදිකිරීම කඩා වැටුණු පසු නව සැළසුම් අනුව ඉදිකිරීම් සිදුකරන බව ඔහු වැඩිදුටත් පැවසීය.
සිරංගිකා ලොකුකරවිට


