ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ලෝකයේ 4 වැනි තැනට අවප්‍රමාණය වූ මුදල් ඒ්කකය බවට ශ්‍රී ලංකාවේ රුපියල පත්ව තිබේ.
ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකී මහතා පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට සෘණ 49.17කින් පමණ අවප්‍රමාණය වී ඇති බවයි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලෝකයේ වැඩියෙන්ම අවප්‍රමාණය වී ඇති මුදල වන්නේ සිම්බාබ්වේ ඩොලරයයි. ඒම අගය සියයට සෘණ 77.78කි.
වෙනිසියුලා බොලිවියර් හා කියුබානු පේසෝ මුදල් ඒ්කක මෙම ගණනය කිරීම් අතර ලෝකයේ දෙවැනි හා තෙවැනි ස්ථානයට අවප්‍රමාණය වූ මුදල් ඒ්කක බවට පත්ව තිබේ.