හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ යළි ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (07දා) අධිකරණය නියෝග කළේය.
ඒ ඔහුන් දෙදෙනා අද ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෝටර් රථ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගනු ලැබිණි.