මහනුවර ජනතාව වෙනුවෙන් පොදුජන පෙරමුණෙන් නැවත වරක් දේශපාලනයට අවතිර්ණ වීමට තිරණයක් ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
ලොහාන් රත්වත්තේ මහතා අද (11) මෙසේ පැවසුයේ මහයියාවේ පිහිටි ඔහුගේ නිවසේදි පැවැත්වු මාධ්‍ය හමුවකදිය.
පසුගිය මැතිවරණයට තමන් තරග නොකල බවත් අසතුටු සිද්ධීන් කිහිපයක් සිදුවු නිසා තම පක්ෂ කාර්යාලය මාස 3 ක් පමණ වසා දමන්නට සිදුවු බවද ලොහාන් රත්වත්තේ මහතා පැවසිය.
පොදුජන පෙරමුණ මගින් තීන්දුවක් රැගෙන වගකීමක් බාර දුන්නොත් එය බාර ගැනිමට තමන් සුදානම් බවත්, මාලිමා රජය පොරොන්දු රාශියක් දුන් නමුත් ඒවා ඉටුවන බවක් පේන්නට නොමැති බවද ඒ මහතා සදහන් කළේය.
ජනතාව දුන්න වගකීම තමන් ඉටු කළ බවත් පසුගිය මැතිවරණයේදි විශාල රැල්ලක් මාලිමාවට තිබුණ නිසා පිට ඡන්දය දුන් අයද ඒ පැත්තට ඡන්දය දුන් බවත් ඔහු පැවැසීය.
ජනතාව වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නායකත්වය බාර ගන්නටද තමන් කැමති බවද ලොහාන් රත්වත්තේ මහතා එහිදි කිය.
මහනුවර පමණක් නොව ලංකාවේම නායකත්වය දුන්නත් භාර ගන්නට තමන් සූදානම් බවත් පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ශක්තිය යොදවන බවත් ඔහු පැවැසීය.
අනුරුද්ධ රත්වත්තේ මහතා ගේ දේශපාලන ගමන් මග ඔස්සේ තවත් ඉදිරියට ගොස් ජනතාව වෙනුවෙන් සේවය කිරීම තමන්ගේ බලාපොරොත්තුව බවත් බලය රැක ගැනීම නොව මහනුවර ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීමට කටයුතු කිරීම වදගත් බවත් ඔහු පැවැසීය. ඒ වෙනුවෙන් තමන් යළි දේශපාලනයට පැමිණීමට කටයුතු කරනු ලබන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.