බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඥාති නිවසකට ගොස් යළිත් කොළඹ කොටුව දෙසට ජීප් රිය ධාවනය කිරීමේදි මෙම අනතුර සිදුව තිබේ. මේ අතර නීතිවිරෝධී ලෙස එකලස් කළ වාහනයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි අමාත්‍යවරයා ඇප මත නිදහස් වූයේ ඊයේ දිනයේදීය.