කුඩා ලොරියක් පදවාගෙන බිරිඳ සමග යමින් සිටි ව්‍යාපාරිකයකු මොරගහහේන වීදියගොඩ දියකඩ මාර්ගයේදී ලොරිය පෙරළී එයට යටවී මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. අනතුරින් මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳට කිසිදු තුවාලයක් සිදුවී නැත.
අනතුරින් මියගොස් ඇත්තේ වැල්මිල්ල හාලපිටිය පදිංචිව සිටි ආර් ඒ ජිනරත්න නැමැති 67 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය ව්‍යාපාරිකයා වීදියගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන පලතුරු වෙළඳසැල ඊයේ (12) රාත්‍රී වසා දමා බිරිඳ සමග ලොරියෙන් නිවස කරා යමින් සිටියදී ලොරි රථය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් බෑවුමට පෙරළී ලොරියටම යට වී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ලොරිය පෙරලූන ප්‍රදේශය ජන ශුන්‍ය ප්‍රදේශයක් මෙන්ම දැඩි කළුවර ප්‍රදේශයක් වන අතර අනතුරට ලක් වූ ලොරිය තුළ සිටි ව්‍යාපාරිකයාගේ බිරිඳට ලොරියේ නලාව කොටස අතට අසුවීමෙන් අනතුරුව ඇය එය නොනවත්වා ශබ්ද කිරීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් වාහනයක පිරිසක් මෙන්ම මඳක් ඈතින් අවමංගල්‍ය නිවසක පිරිසක් පැමිණ ලොරිය ට යට වී සිටි පුද්ගලයා පිටතට ගෙන බණ්ඩාරගම දිසාරෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි. එම පුද්ගලයා මඳ වේලාවකදී මිය ගොස් ඇතැයි පොලිසියේ සඳහන් කරයි.
මියගිය ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනටම සාම විනිසුරු සුමේද ගුණවර්ධන මහතා ඉදිරියේ සිදු කිරීමට නියමිතය.