මාස කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් මේ වන විට ඌව පළාතේ වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්රධානතම ගංගා දෙකක් වන මහවැලි ගඟේ මෙන්ම ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්රයෙන් පහත වැටී පතුල පෑදෙමින් තිබේ.
මේ වන විට යල් කන්නයේ ගොවිතැන් වලට ද නියඟය දැඩි ලෙස බලපා ඇතැයි ගොවි ජනතාව පවසති. දැඩි නියඟය හේතුවෙන් පතුල පෑදී ඇති ලොග්ගල්ලා ඔය ඡායාරූප වල දැක්වේ.
එන් කේ නිශ්ශංක මීගහකිවුල