සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අහුන්ගල්ලේ ලොකු පැටි නැමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු රුපියල් කෝටි 25කට අධික වටිනා මත්කුඩු තොගයක් සහ ගිනි අවි දෙකක් සමග කැස්බෑව ප්‍රදේශයේ සුපිරි නිවසක් තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ දොළහකට අධික ප්‍රමාණයක් පිස්තෝල ගිනි අවි දෙකක් ,ජංගම දුරකථන පහක් විද්‍යුත්තරාදියක් ,මෝටර් රථ දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් තුන කණ්ඩායමට ලද රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.මෙම සැකකරුවන් මීට දින තුනකට පමණ ඉහතදී මෙම නිවසට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.