ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. ගෑස් මිල සූත්‍රය අනුව මෙම මිල අඩුවීම සිදුවන අතර එය අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.
මීට සමගාමීව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 107 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 48 කින් ද, අඩු වෙයි.
මෙම මිල සංශෝධනය සමග රුපියල් 4,551 ක් පැවති කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4280 ක් දක්වාත්, රුපියල් 1,827 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1720 ක් දක්වාත් රුපියල් 848 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 800 ක් දක්වාත් අඩුවෙයි.