ගැහැණු දරුවන් ලිංගික හැසිරීම් සඳහා සීමාව අවුරුදු 14ට අඩු කිරීම මගින් කාන්තා සහ පිරිමි ගණිකා වෘත්තිය ප්‍රචලිත කිරීම සඳහා ගනු ලබන දුෂ්ඨ උත්සාහය එළිදරව් කිරීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුව 2024-03-20 ඊයේ දින බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වීය.
මෙහිදී ජ්‍යෙෂ්ඨ කල්‍යානන්ද තිරාණගම සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් විසින් විශේෂ හෙළිදරව්වක් සිදුකරනු ලැබුවා.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කළේ මෙම පනත මගින් කිරීමට උත්සාහ දරන්නේ මෙරට දරුවන් අපයෝජනයට ලක්කිරීම ප්‍රවර්ධනය කිරීම බවයි.
1995 වසරේ දී සිදු කළ දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධනයට අනුව මෙරට අවුරුදු 16 ට අඩු දැරිවියක් ස්ව කැමැත්තෙන් අපයෝජනයට ලක් වුවද එය ස්ත්‍රී දූෂණය යටතට වැටෙන බරපතළ වරදක් බවත්, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම වයස් සීමව මෙම පනත මගින් අවුරුදු 14 දක්වා අඩුකර ඇති බවත් ඒ මහතා මෙහිදී චෝදනා කළේය.
මෙහිදී වරදකරුවා බවට පත්වන පුරුෂයාගේ වයස් සීමාව අවුරුදු 18 සිට 22 දක්වා ඉහළ දමා ඇති බවද පෙන්වා දෙන ඒ මහතා, හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම පනත ගෙන එන්නේ මෙය ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් නිසාදැයි ප්‍රශ්නකර සිටියේය.
මීට පෙර යම් යම් මුස්ලිම් දේශපාලන පක්ෂවලින් මේ සඳහා ඉල්ලීමක් කර තිබූ බවත්, අලි සබ්රි මහතා 2021 දී මෙම සංශෝධනය ගෙන ඒමට කැබිනට් පත්‍රිකාවක් දැමූ බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී හෙළි කළේය.
ඉන්දුමූර්ති ජයසූරිය