යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්තව 118-119 යතුරුපැදී රාජකාරී නිරතව සිටි පොලිස් සැරයන් 65073 වසන්ත කුමාර හාකළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව විශේෂ රාජකාරි වාර්තා කර සිටි ආධුනික පොලිස් කොස්තාපල් 105166 ඩබ්ලිව් ඒ ප්‍රසාන් යන නිලධාරීන් දෙදෙනාගේය.
මෙම නිලධාරීන් දෙදෙනා ඉකුත් අටවෙනි දින පැය 0600 සිට 1800 දක්වා යතුරුපැදි රාජකාරී යෙදී සිටියදී පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ ලැගුම්හලක යුවළක් අයිස් මද්දයිව සන්තකයේ තබාගෙන සිටින බවට ලද තොරතුරක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී එම යුවල සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය කිසියම් ප්‍රමාණයක් හමුවී තිබි ඇත.
එම අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා එකී මුදලින් රුපියල් 70.000/= මුදලක් ඉහත නිලධාරියාගේ ගිණුමට බැර කරවාගෙන ඉතිරි රුපියල් 230000/= මුදල කොට්ටාව නගරයේදී ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම නිලධාරීන් දෙදෙනාගේ රාජකාරී වැඩ ඉකුත් අටවෙනි දින සිට නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා විසින් හා කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ( නියෝජ්‍ය අධ්‍යක්ෂක පාලන) පොලිස් අධිකාරිවරයා විසින් තහනමට ලක් කර ඇත.