අනුරාධපුර බන්ධනාගාරය අසළ දී ඊයේ (01දා) සවස සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ජවිපේ හිටපු මන්ත්රී ලාල් කාන්ත මහතා ලබන 14 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර වැඩබලන මහේස්ත්රාත් නදී කුරේරා මහත්මිය අද (02දා) නියෝග කළේය.
අනතුර සිදුවන අවස්ථාවේදී ලාල් කාන්තා මහතා මත්පැන් භාවිත කර ඇති බවට ස්වසන පරීක්ෂණයේදී අණාවරණය වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ලාල් කාන්ත මහතා ගමන් කළ කැබ් රථය යතුරු පැදියක ගැටුණු අතර එම අනතුරින් අවුරුදු 45ක් වන කාන්තාවක් හා තවත් අවුරුදු 14න් වන දියණියක් තුවාල ලැබීය.
අනුරාධපුර චතුරංග/තිසර සමල් ඒප්පාවල



