එක්සත් ජනපදයේ නාසා ආයතනය අනාගතයේදී අඟහරු වෙත සිදු කරන මිනිසුන් සහිත මෙහෙයුම් සඳහා වැදගත් වන පර්යේෂණයක් වෙනුවෙන් සම්බන්ධ වන සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට තේරී පත්වීමට ශ්‍රී ලාංකික තරුණියක වන පියුම් විජේසේකර සමත්ව ඇතැයි වාර්තා වෙයි.
Human Exploration Research Analog (HERA) ලෙස නම් කර ඇති මෙම පර්යේෂණ මෙහෙයුම මගින් නාසා ආයතනයට අයත් හූස්ටන්හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ඉදි කෙරෙන අඟහරුගේ පරිසරය හා සමාන වාසස්ථානයක් තුළ මෙම සිව්දෙනාට දින 45ක කාලයක් ගත කිරීමට අවස්ථාව සලසා දෙයි.
මේ වනවිට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ජෛව ඉංජිනේරුවිද්‍යාව පිළිබඳව මූලික අධ්‍යාපනය හදාරමින් සිටින පියුමි නාසාහි Ames පර්යේෂණ මධ්‍යස්ථානය හා සම්බන්ධව කටයුතු කරයි.
ඇයට අමතරව ජේසන් ලී, ස්ටෙෆනි නවාරෝ සහ ෂරීෆ් අල් රොමායිති යන තිදෙනා මෙම අවස්ථාව සඳහා සුදුසුකම් ලබා තිබේ. ඔවුන් ලබන මැයි 10 වැනිදා අඟහරු හා සමාන මෙම පරිශ්‍රය වෙත ඇතුළු වන අතර, ඔවුන් නැවතත් ඉන් පිටතට පැමිණෙන්නේ, එනම් පෘථිවිය වෙත පැමිණෙන්නේ ජූනි 24 වැනිදාය.
මෙම කාලසීමාවේදී ඔවුන් හුදෙකලාවීමට, යම් ස්ථානයක සිරවී සිටීමට හුරුවීම මෙන්ම දුරස්ථ තත්ත්වයන්ට මුහුණදීම යනාදී දෑ පිළිබඳව අධ්යනයනය කිරීම නාසාහි අරමුණ වී තිබේ. එය ඉදිරියේදී නාසා ආයතනය සිදු කරන ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වැදගත් වන බව පැවසෙයි.
භානුක අමරසිංහ