මෙරට තුළ ඉහළ ලවණතාවෙන් යුත් කුඹුරු අක්කර ලක්ෂ 02ක චීනයේ 'සී රයිස්' ප්රභේදය වගා කිරීමට නියමිත බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී ඊයේ (03දා) පැවති වැඩසටහනකදී අනාවරණය විය.
එම ආයතනයෙහි පර්යේෂණ පත්රිකා එළි දැක්වීම සඳහා මෙම වැඩසටහන පැවති අතර, එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ පුරන් කුඹුරු නැවත වගා කිරීම වෙනුවට නිර්දේශිත විකල්ප බෝග ඒවායෙහි වගා කිරීම සඳහා පූර්ණ අනුමතිය ලබා දීමට ඉදිරියේදී නියමිත බවය.
එසේම වී වගා කටයුතු සඳහා වාරි ජලය භාවිත කෙරෙන වියළි කලාපීය භූමි කෙරෙහි ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවද එහිදී සඳහන් විය.