කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා අද (27) දේශපාලනයෙන් සමුගන්නා බව සඳහන් කළේය.පානදුරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒසේම තමන් සමගි ජන බලවේගයේ දැරූ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වන බවද ඔහු ප්‍රකාශ කළේය.
පක්ෂයේ නම සමගි වූවාට පක්ෂය තුළ එවැනි සමගියක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය. තමා ඉතාමත්ම පිරිසිදුව දේශපාලනය කළ බවද ඒ් මහතා ප්‍රකාශ කළේය.