හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෙතෙක් වරිපනම් බදු අය කරගැනීමට හැකියාවක් නොතිබූ හෙයින් දැනට වරිපනම් බදු අය කරගැනීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව මගින් අදාළ තක්සේරු කටයුතු සිදු කරගෙන යමින් පවතින බව හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති කේ.ජී. ගාමිණී ශ්‍රී ආනන්ද මහතා පැවසීය.
පසුගිය වසර දෙකකට යටත්ව අදාළ වරිපනම් බදු මහ නගර සභාවට අය කරගැනීම සඳහා වන නීතිමය තත්ත්වය දැනට ලබාදී ඇති හෙයින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිහිටි පරිශ්‍රය මෙන්ම තෙල් පිරිපහදු පර්යන්තය, ගෑස් පර්යන්තය ඇතුළු සේවා සපයන අංශ සියල්ලේ තක්සේරු කටයුතු තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් සිදු කරගෙන යන අතර, ලබන වසරේ සිට වරිපනම් ගාස්තු අය කරගැනීමට හැකිවන බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
අම්බලන්තොට - සනත් ගමගේ