පොලිස් විශේෂ කාර්යය භාර අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතාගේ සේවා දිගුව අද (04දා) අවසන් වීමට නියමිතය. ඒ අනුව ඔහු අද පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
පසුගිය වසරේ පෙබරවාරි මස 05 වැනිදා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණ ද ඔහුට වසරක සේවා දිගුවක් ලබාදීමට එවක ජනපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
ජාතික බුද්ධි සේවාව, රාජ්‍ය බුද්ධි සේවාව, ත්‍රස්ත මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්යය බලකය ආදී ඒකකවල ඔහු කටයුතු කළේය.