ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය වශයෙන් මෙම වර්ෂයේ 2024 ජනවාරි 01 වැනිදා සිට ජුනි මස 30 වැනි දින දක්වා මාස 06 ක කාලසීමාව තුළදී රුපියල් බිලියන 289.4 කමුදලක් ගෙවීමට තිබූ බැව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුවට නිකුත් කර තිබූ කාර්ය සාධක වාර්තාවකින් අනාවරණය වෙයි.
2023 වර්ෂය අවසානය වන විට එය රුපියල් බිලියන 263.6 ක මුදලක් ගෙවිය යුතු ණය වශයෙන් පැවතුණි. ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය මෙම වර්ෂයේ ජූනි මස අවසානය වන විට 9.8% කින් වැඩි වී ඇත.
විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ස්වාධීන බලශක්ති ගැනුම්කරුවන්ට සහ මෙම වර්ෂයේ ජූනි මස අවසන් වන විට රුපියල් මිලියන 17.4 ක මුදලක් ගෙවීමට සිදුවී තිබිණි.
කෙසේ වුවද ලංකාව විදුලි වල මණ්ඩලය මෙම 2024 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට ජුනි මස 30 වැනි දින දක්වා මාස 06(හය) ක කාලසීමාව තුළ රුපියල් බිලියන 119.2 ක ශුද්ධ ලාභයක් වාර්තා කොට තිබුණි.