මහනුවර ශ්රී ලංගම ප්රාදේශිකයට අයත් ඩිපෝ 07ක බස් රථ 25ක් රියදුරු කොන්දොස්තර හිගය හේතුවෙන් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව තිබෙන බව එහි මහනුවර ප්රාදේශීය කළමනාකාර ප්රසන්න දෙල්ලංග මහතා පවසයි.
මහනුවර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මහනුවර උතුර, මහනුවර දකුණ, යටිනුවර, වත්තේගම, තෙල්දෙණිය, මාතලේ සහ උඩදුම්බර යන ඩිපෝවලට අයත් බස්රථ 75ක් එසේ ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව තිබෙන බවයි.
එම ඩිපෝවල රියදුරු පුරප්පාඩු 75 ක් පමණද කොන්දොස්තර පුරප්පාඩුව 33ක් පමණද තිබෙන බව අවධාරණය කළ ඒ මහතා පසුගිය රජය සමයේදී අලුත් බස් රථ 47 ක් ලංගම මහනුවර ප්රාදේශිකය වෙත ලබා දුන් බවත් එම එක බස් රථයක් සඳහා මාසිකව රුපියල් 165,000ක ලීසිං මුදලක් ගෙවීමට තිබෙන බවද අවධාරණය කළේය.
එම ලීසිං මුදල් ඩිපෝ හතේ ආදායමෙන් සපයා ගත යුතුව තිබෙන බව පැවසූ කළමනාකාරවරයා ලාභ නොලබන මාර්ගවල පවා ලංගම බස් ධාවනය කරන බවත් එම පාඩුව ලාභ ලබන මාර්ගවලින් ආවරණය කර ගන්නා බවද ඒ මහතා කීය.