ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) දින තිරණය කල බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ අද හැටන් කොටගල ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයේදි මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ තම පක්ෂයේ ජාතික සභාවේ සමාජිකයන් එක් වි ජනාධිපතිවරණයේදි සහය ලබාදෙන අපෙක්ෂකයා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කල බවයි.
එම සාකච්ඡාවේදි ජාතික සභාවේ සියළුම සමාජිකයන් ඒකමතිකව ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විමට තිරණය කල බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
වසර දෙකක කාලයක් මේ රටේ පැවති ආර්ථික ගැටළු විසදමින්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට සහ එම ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමටත්, ඉඩම් අයිතිය ලබාදිමට එකග වි ඇති නිසා ජාතික සභාව එම තිරණය ගත් බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් අත්සන් කිරිමට නියමිත බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, එම පක්ෂයේ භාණ්ඩාගාරික ප.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් යන මහතුන්ද සහභාගි විය.