ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (13) දිනයේ දී රු. මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් සිදුකිරිමට නියමිතය. මෙය දිනක් තුළ ශ්රී ලංකා මහ බැකුව විසින් සිදුකරන විශාලම භාණ්ඩාගාර බැඳුම්කර නිකතුව බවට වාර්තා වෙයි.
පරිණත කාණ්ඩ තුනක් යටතේ මෙම වෙන්දේසිය පැවැත්වෙයි. එනම් 2027 ඔක්තෝබර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 60,000 ක්, 2029 සැප්තැම්බර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 125,000 ක් සහ2031 දෙසැම්බර් 01 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 110,000 ක් ලෙස මෙම වෙන්දේසිය සිදුකිරිමට නියමිතය.