ලංකාව හැඩය ඇති හැඩයෙන් දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් විසින් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් ඊයේ (26දා) පැවසුවේය.
මෙම නිල් මැණික තමන් කරවිට ප්‍රදේශයේ මැණික් ගරන තැනැත්තෙකුගෙන් මිලදි ගත් බව යක්දෙහිවත්ත ප්‍රදේශයේ පදිංචි රොහාන් වසන්ත දිසානායක මහතා පැවසුවේය.
මෙම නිල් මැණික දෙස එකවර බැලුවිට එය පෙනෙන්නේ ලංකාවේ භූමි සැලසුමය. යාපන අර්ධද්වීපය වෙන්ව ඇති සිටි මැනවින් දිස් වෙයි. මන්නාරමේ පිහිටීමද ඒ ආකාරයෙන්ම දිස්වෙයි. ත්‍රිකුණාමලය මෙන්ම ලංකාවේ සිව් දිසාවම ඒ ආකාරයෙන් දිස් වෙයි.
ඔහු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එම මැණික් ගල ඉදිරිපත් කර හඳුනාගැනීමේ පරීක්ෂණ වාර්තාවක් ඉකුත් 24 දින ලබාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැණික් ව්‍යාපාරික රොහාන් වසන්ත දිසානායක මහතා මෙසේ කීය.
“මෙවැනි මැණික් වර්ග දුර්ලභයි. දුර්ලභ වර්ගයේ පිහිටීම් ඇති ස්වාභාවික මැණික් එකතු කරන කෙනෙකුට මේ ගල ඉතාම වටිනවා. මේ ගල කපා ඔප දැමීමට මගේ අදහසක් නෑ.
කොළඹ ඇතුළු ලංකාවේ පැවැත්වෙන මැණික් ප්‍රදර්ශනවලට තියන්නත්, ඉඩක් ලැබුණොත් ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට තියන්නත් බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් මගේ මිලට ආවොත් මම මේ මැණික් ගල විකුණනවා.”
අවුරුදු විසි දෙකක කාලයක් නාවික හමුදා සේවයෙක් කටයුතු කර විශ්‍රාම ලබා මැණික් මිලදි ගැනීමේ ක්ෂේත්රයට පැමිණ වසර පහක් පමණ වන බවද ඔහු කීවේයග මේ සම්න්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට 071-5884872 දරණ වට්ස්ඇප් අංකයට අමතන ලෙසත් ඔහු දැනුම්දුන්නේය.


