ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර වෙත පිටත්ව ගොස් ඇති බව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
73 හැවැරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ වේලාවෙන් අද පෙරවරු 3.00ට පමණ එරට මාලේ අගනුවර වෙත ළඟා වී ඇති බව එම පුවත් සේවය වාර්තා කරයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර ඊට පෙර ඔහු මෙසේ මාලදිවයිනට ගොස් තිබේ.
ජනපතිවරයා සිය ඉල්ලා අස්විමේ ලිපියට අත්සත් තබා තිබේ. ඉන් අනතුරුව ඔහු රටින් පිටත්වීමට සැලසුම් කර තිබුණ බව මිට පෙර තොරතුරු වාර්තා විය.