අස්වනු නෙලීමේ නව තාක්ෂණික ක්‍රම භාවිතය මෙන්ම ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ යොදා ගැනීම හා ඇසුරුම් කිරීමේ දී හානි අවම වන අන්දමින් කටයුතු යෙදීම එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
පළතුරු හා එළවළු වල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නිර්දේශිත ක්‍රම භාවිතා නොකිරීම හේතුවෙන් පසු අස්වනු හානිය සියයට 40ක් තරම් ඉහළ මට්ටමක පැවැතියේය.
බෝංචි පසු අස්වනු හානිය සියයට 40 සිට 23දක්වාත්,බණ්ඩක්කා සියයට 40 සිට සියයට 28, වම්බටු සියයට 30 සිට 20, ගෝවා සියයට 43 සිට 20, කැරට් සියයට 30 සිට 22, මාළු මිරිස් සියයට 40 සිට 25, මෑකරල් සියයට 40 සිට 20, අමු මිරිස් සියයට 40 සිට 19, කරවිළ සියයට 25 සිට 24, තක්කාලි සියයට 29 සිට 15 දක්වාත් පහළ ගොස් තිබේ.
පලතුරු අතරින් වැඩිම පසු අස්වනු නාස්තිය සිදුව ඇගි ගස්ලබු පසු අස්වනු හානිය සියයට 46 සිට සියයට 19 දක්වාත්, පේර සියයට 40 සිට සියයට 20 දක්වාත් අවම වී ඇතැයි අමාත්‍යාංශය කියයි.