ත්රස්තවාදී ප්රහාරයක් එල්ල වීමේ අවධානම හේතුවනේ හේතුවෙන් දැනට ශ්රී ලංකාවේ දකුණු කළාපයේ සංචාරවල නිරතවන ඊශ්රායෙල ජාතිකයන්ට එම ප්රදේශවලින් වහාම ඉවත් වන ලෙස ඊශ්රායල ජාතික ආරක්ෂක කවුන්සිලය බදාදා ඊශ්රායල ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අනතුරු ඇඟවීම ආරුගම් බොක්ක ප්රදේශයට සහ ශ්රී ලංකාවේ දකුණේ සහ බටහිර වෙරළ තීරයන්ට අදාළ ව බව එම කවුන්සිලය සඳහන් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
ආරක්ෂක කවුන්සිලය තර්ජනයේ නිශ්චිත ස්වභාවය නිශ්චිතව සඳහන් නොකළ අතර ශ්රී ලංකාවේ සෙසු ප්රදේශවල සිටින ඊශ්රායල ජාතිකයන්ට ප්රවේශම් වන ලෙසත් පොදු ස්ථානවල විශාල රැස්වීම් පැවැත්වෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් ආරක්ෂක කවුන්සිලය ඉල්ලා සිටියි.