මෙරට සංචාරයක් සදහා පැමිණි කැනඩාවේ විශ්වවිදයාලයක ශිෂයාවක් වන අයුඩෙට් බෙට්මන් අම්බලන්ගොඩ හා ඒ අවට ජනතාව ආර්ථික පීඩාවෙන් දුක්විදින අයුරු දැක ඔවුනට සහනයක් සැලසීමේ අයුරුන් තෝරාගත් අඩුආදායම්ලාභී පවුල්වලට වියළි ආහාර පාර්සක් බෙදා දුන්නාය.
මේ සදහා අවැසි මුදල් මේ ශිෂයාව සිය රටේ මවගෙන්,පියාගෙන් සහ මිතුරු,මිතුරියන්ගෙන් ගෙන්වාගෙන තිබීම විශේෂයෙන්ම කැපී පෙනේ.
ඇයට මේ සත් කාර්ය ඉටු කිරීම සදහා අඩු ආදායම්ලාභී පවුල් අම්බලන්ගොඩ පාදේශීය ලේකම් කාර්යාලයෙන් තෝරාදී තිබිණ.ඒ අනුව පවුල් 134ක් සදහා මේ විශ්වවිදයාල සිසුවිය මේ සත්කාරය සිදු කළාය.
අම්බලන්ගොඩ ශක්ති පදනමේ සභාපති අෂික සෙනවිරත්න සහ ලේකම් දිල්ෂාන් මදුසංක යන මහත්වරුන් මේ සත්කාර්යය සංවිධානය කළහ.

